Friday 24 February 2017

ඈන් ගේ අරඹේ ගෙදර හා වටපිටාව : කැනඩාවේ සුවිශේෂ ස්ථාන 5

ලෝකේ පුරාම ජනප්‍රිය වෙලා, භාෂා ගණනාවකට පරිවර්තනය වෙලා, පිටපත් මිලියන 50කට වඩා විකිණී ඇති, දහස් ගණන් චිත්‍රපට, වේදිකා නාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය, සංගීත මියැසි, ටෙලි නාට්‍ය වලට මුලික වුනු Ann of Green Gables වලින් ඇරඹුණු ඈන් කතා මාලාව කියවල තියනවද? 'අරඹේ ගෙදර ඈන්' හා 'ඈන්' නමින්ම  සිංහලටත් පරිවර්තනය වෙලා තියනව. කලකට පෙර මේ කතාව ඇසුරෙන් ජනප්‍රිය ටෙලි නාට්‍යකුත් හැදුණා.
1908 සිට ලුසී මෝඩ් මොන්ට්ගොමරි විසින් රචිත මේ කථා පෙළ ලොව පුරාම අදටත් ජනප්‍රියයි.  පලවී මුල් මාස පහේ පිටපත් 19000ක් විකිණී තියෙනවා.
මුල්ම ඈන් පොත 
ඈන් ලෝකේ වඩාත්ම ආදරයට ලක්වූ නවකතා චරිතයක්.
මැතිව් හා මරිල්ලා නම් සොයුරෙක් හා සොයුරියක අහම්බයෙන් හදා වඩාගත් අනාථ දැරියක වූ, රතු හිසකෙස් ඇති ඈන් නම් බුද්ධිමත්, කටකාර, සිතිවිලි රස මවමින් දකින ගැහැණු ළමයා අතිශය වර්ණනාත්මක පරිසරයක ජිවත් වුනේ. දිලිසෙන වතුර විල්, පාරට මල් කඩා හැලෙන ගස්, සරත් ඉර්තුවේදී විවිධ පාට ගන්න කොළ සහිත ගස්.... කියවද්දී මේ ගම ඇත්තටම තියනවද? මේ එඩ්වඩ් කුමාර දිවයින කොහෙද තියෙන්නේ කියල හුඟ දෙනෙක් හිතන්න ඇති. ඒකත් බොහෝ කතා වගේ රචකයාගේ හිතේ නිර්මාණය වෙච්ච පරිසරයක් කියල හිතන්න ඇති.

අලංකාර, ස්වභාවික පරිසරයක් සහිත මේ පසුබිම කතා රචිකා මොන්ට්ගොමරි මහත්මිය උපන්, හැදී වැඩුණු, කැනඩාවේ කුඩාම ප්‍රාන්තය වන Prince Edward Island -එඩ්වඩ් කුමාර දිවයිනෙහි පිහිටි සැබෑ තැන්. කැනඩාවේ නැගෙනහිර කෙලවරට වන්නට පිහිටි වර්ග කිලෝමීටර් 5666ක් වන මෙම පුංචි දිවයිනේ ප්‍රධාන නගරය කථාවේ පරිදිම චාලට් ටවුන්. ඈන් ෂර්ලි ගේ ඇවන්ලි ගම, කැවන්ඩිෂ් ගම, ශ්ර්වුඩ් ගම තාම ඒ නම්වලින්ම තියනවා.
මොන්ට්ගොමරිගේ කතාවලට පින් සිද්ධ වෙන්න තාම ඒ පරිසරයත් යම්තාක් දුරකට රැකිලා තියනවා.
ඒ විතරක්ද....
දිලිසෙන වතුර විල - පොකුණක් වගේ පුංචි එකක් 
ඇවන්ලි ගමට ගියොත් ඈන්, මරිල්ලා හා මැතිව් මාමා ජීවත්වූ ග්‍රීන් ගේබල්ස් නිවස දකින්න පුළුවන්. ඕනනම් මැතිව් මාමා එක්ක අස්ස කරත්තේ රවුමක් යන්නත් පුළුවන්. මම කිව්වොත් ඈන් හමුවෙන්න පුළුවන් කියල... හීනයක් නෙවේ.. ඇත්තටම...
 මේ චරිත ඇත්තටම තිබුණු ඒවා නොවුනත් ඇත්ත විදියටම මිනිසුන් ගේ සිත් පැහැරගෙන තියන නිසා ඒ විදියට නිර්මාණය කරලා තියනවා කාටත් අත්විඳින්න පුළුවන් වෙන්න....

හැබැයි මේ හේතුව නිසාම දැන්නම් මේ එඩ්වඩ් කුමාර දිවයින විශේෂයෙන් ඇවන්ලි ගම හා කැවන්ඩිෂ් ගම සංචාරක පුරවර. අවුරුද්දකට දසදහස් ගණන් මේ ගමේ සිරි නරඹලා, ග්‍රීන් ගෙබ්ල්ස් විදියට හදල තියන ගේ දැකලා, ඈන් හමුවෙලා, තමන් රස විඳි පොතේ පරිසරය දැකලා, කැළෑවේ මංපෙත් වල ඇවිදලා යන්න එනවා.
මොන්ට්ගොමරි පවුලක ගෙයක් දැන් කෞතුකාගාරයක් ලෙස 







ඇවොන්ලි ගමේ ආකෘති, එකල මිනිසුන් ජිවත් වූ ආකාරය දැක්වෙන සංදර්ශන නරඹන්නත් පුළුවන්. 'ඈන් හා ගිල්බට් ' සංගීත මියැසිය වසර ගණනාවක් මුළුල්ලේ ගිම්හාන කාලයට රඟ දක්වලා ගිනස් පොතටත් ඇතුළු වෙලා තියෙන්නේ.
මොන්ට්ගොමරි මහත්මිය ඉපදුනු නිවස හා ජීවත්වූ නිවස සුරැකිව තිබෙනු දැක බලාගන්නත් පුළුවන්..

දැන්නම් බොහොකොටම මුල්‍යමය ව්‍යාපාර මේ ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන බිහිවෙලා තියෙන්නේ.


කෞතුකාගාර, පොත්හල්, නාට්‍යගාර විතරක් නෙවෙයි, පැරණි විදියට ඇඳගෙන ඡයරුප ගත හැකි ඡයාරුප ශාලා, ඈන් ක්‍රමයට විවාහ උත්සව ශාලා, ඈන් බෝනික්කෝ, පැරණි ක්‍රමයට හදන ඈන් චොකලට්,..,..
සංචාරකයන්ට පහසුකම් සලසන හෝටල්, ආපනශාලා, සිහිවටන හා තෑගි සාප්පු, ගොල්ෆ් පිටි, නවීන උද්‍යාන...හැමදේම...

පුළුවන් වූ දවසක බලන්න යන්න හිතෙනවා නේද ?

උදව්:
Prince Edward Island booklet
tourismpei.com 
පින්තුර අන්තර්ජාලයෙන්

8 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. ලස්සන ලිපියක් ඈන් ගැන. අපේ යි දෙන්න පොඩි කාලේ කියෙව්වේ පිපී ලෝන්ග් ස්ටෝකින්ග් ගැන. විජිත ගුණරත්න එයාගේ කතා සිංහලට පරිවර්තනය කරලා තියනවා. පිපීගේ කතා කියල.
    https://www.amazon.com/Adventures-Pippi-Longstocking-Astrid-Lindgren/dp/0670876127/ref=pd_sbs_14_img_1?_encoding=UTF8&psc=1&refRID=FAM2JQWXVWAW3S4JGBYG

    මේ ටිහ්යෙනෙන් පිප්පි කියල.
    http://www.godage.com/book-details/translations/8384-pippi-naw-nagiyi.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්. අසාවෙන් හිටියේ පිප්පි කියවන්න. පොත් කියවන ගෘප් එකේ නිතර තියනව.. කියවන්න ඕනේ කියල හිතමින් හිටියේ..

      Delete
  3. පොතනම් කියවලා නෑ...විස්තරේ නම් හොදයි....

    ReplyDelete
    Replies
    1. ඕකට මෙහෙම කියමනක් තියනවා මෙහෙ සිංහලයන් අතර. ඈන් ගෙදරත් සිරිපාදේ වගෙයි. පොත කියවා වටිනාකම දැන ගියාම භක්තිය වැඩියි. නැත්නම් තවත් පරිසරයක් විතරයි.

      Delete